මාලිමා මන්ත්රීවරියකට ලොකු විපතක්
ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්රීනියකගේ අත්බෑගයක් කොල්ලකා පලා ගිය සිදුවීමක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙසේ කොල්ලකා ඇත්තේ බොරලැස්ගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්රිනි ලලනා ප්රියදර්ශනීගේ අත්බෑගයයි.
ඉකුත් 08 වන දින දහවල ත්රීවීලරයකින් පැමිණි අයකු මෙසේ කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය ප්රකාශ කරයි.
එසේම පොලීසිය සඳහන් කළේ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් කරාබු යුගලක්, රුපියල් 35000/= ක් වටිනා ජංගම දුරකථනයක් හා මුදල් රුපියල් 15000/= ක් මෙන්ම වටිනා ලිපිලේඛන රැසක්ද එම අත්බෑගයේ තිබූ බවයි.