දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

Report

තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා ලබන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දින (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා ඇත.

ඒ අනුව දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිතයි.

එබැවින් මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් එදිනට විවෘත කරයි.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

එහෙත් විවෘත කිරීමට නොහැකි පාසල් 147ක් පළාත් 3කට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඒ අනුව ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක්, බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් සහ වියළුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් මෙසේ තවදුරටත් විවෘත නොකෙරෙන බව සඳහන්.

එසේම මහව අධ්‍යාපන කලාපයට අයත් පාසලක්, ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් ලෙස වයඹ පළාතේ පාසල් 6ක් ද එදිනට විවෘත නොකෙරෙන බව වාර්තා වේ.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ මධ්‍යම පළාතේ පාසල් 115ක් දෙසැම්බර් 16 වනදා අධ්‍යාපන කටයුතු සඳහා විවෘත නොකෙරෙන බවයි.

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

තවද මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්, දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, වලපනේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක්, කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 17ක්, මාතලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 38ක්, නාවුල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක් විවෘත නොකෙරෙනු ඇති බව සඳහන්.

එසේ විවෘත නොකෙරෙන පාසල් පහතින්,

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

අධ්‍යයන කටයුතු සඳහා විවෘත කළ නොහැකි පාසල් මෙන්න by poornima