ගම්පහ ප්‍රාදේශීය සභාවේ අයවැයට මොකද වුණේ

Report

ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත වැඩි ඡන්ද 21 කින් සම්මත විය .

ඒ අනුව ගම්පහ ප්‍රාදේශීය සභාවේ අයවැය විශේෂ සභා රැස්වීම සභාපති සෙනරත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්, සභිකයින් සහ සභාවේ ලේකම් නිරෝෂා සුරවීර මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

ඒ සභා ශාලාවේදීය.

තවද මෙහිදී පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේදී අයවැයට පක්ෂව පාලක පක්ෂයේ ඡන්ද 21 ක් ප්‍රකාශ වී තිබේ.

ඒ වගේම සමඟි ජනබල වේගය මන්ත්‍රී කුමාරපේලි මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.

අයවැය විශේෂ සභා රැස්වීම සදහා සභාවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව වන 36 දෙනා අතුරින් 27 දෙනෙකු පමණක් සහභාගි වී තිබුණි.

ගොවීන්ට වන්දි ලබාදීම කඩිනමින් - ජනපතිගෙන් නියෝගයෙක්

ගොවීන්ට වන්දි ලබාදීම කඩිනමින් - ජනපතිගෙන් නියෝගයෙක්

ඒ අතර සිටි සමඟි ජන බල වේගය මන්ත්‍රීන් තිදෙනෙකු, පොදු ජන එක්සත් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු සහ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රීවරයෙකු අය වැයට විරෝධය පළ කරමින් ඉවත්ව ගොස් තිබේ.

තවද සමඟි ජනබල වේගය එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින අයුරු දැකගත හැකි විය.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න