ගුරු සේවයට උපාධිධාරීන් බඳවාගැනීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

Report

අනාගතයේදී කිසිදු හේතුවක් මත තරග විභාගයකින් තොරව ගුරු සේවයට උපාධිධාරීන් අන්තර්ග්‍රහණය නොකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

මෙම තීරණය රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් මත පදනම්ව ගනු ලැබූ බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව සියලුම පාර්ශ්වකරුවන්ගේ එකඟතාව මත මෙය ක්‍රියාත්මක වන බවත් ඇය පැහැදිලි කළාය.

සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් ගුරු සේවයට අනුයුක්තව සේවය කරමින් විද්‍යාපීඨ ශික්ෂණ ලාභීන්ට වඩා වැඩි අත්දැකීම් ලබා ඇතත්, තරග විභාගයට පෙනී සිටීම අනිවාර්ය බව අගමැතිවරිය අවධාරණය කළාය. එමෙන්ම, විභාගයෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේදී එම අත්දැකීම් ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඇය සඳහන් කළාය.

සහන දෙන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්

සහන දෙන්න බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවක්

පසුබිම පැහැදිලි කරමින් අගමැතිවරිය මෙසේ ද කීවාය.

“ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු කටයුතු අනුව ගුරු සේවා ව්‍යවස්ථාවේ 3.1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල සුදුසුකම් සපුරන අය බඳවා ගැනීමට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ද ඇතුළු රාජ්‍යසේවයේ උපාධිධාරින් ගුරු සේවට බඳවා ගැනීම මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2025/10/08 ඉදිරිපත් කරලා තියනවා. 2025/10/26 දිනැතිව එම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුමැතිය ලැබුනා. එම තිරණ සම්බන්ධව නැවත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කළා."

“ඒ 2025/11/20 දින එම අභියාචානාධිකරණ නඩුවත් අවසන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුව අනුව රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රාජ්‍ය සේවයේ නියුතු නොවුන අනෙක් නිලධාරීන් සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව සංශෝධනය කරමින් වෙන වෙනම විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් බදවා ගැනීමට කටයුතු කරමින් පවනවා.”

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

 “විභාගයකට අමතරව සම්මුඛ පරීක්ෂණයක් තියනවා බඳවා ගැනීමේ දෙවැනි පියවර ලෙස. එතැනදි අනිවාර්යයෙන්ම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ යෙදෙමින් පාසල්වල ලබපු අත්දැකීම් ඉදිරිපත් කළ හැකියි. වැඩි වාසියක් එම පිරිසට ලැබෙනවා.”

“වයස් සීමාව සංශෝධනය කර විභාග පවත්වා ගුරුසේවය තුළ පවතින පුරප්පාඩු අනුව 3/1/අ ශ්‍රේණියට උපාධි ධාරීන් තෝරා පත් කරගැනීමට නියමිතය."

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට

ඉන්ධන මිල සංශෝධනය මෙන්න

ඉන්ධන මිල සංශෝධනය මෙන්න