රටේ වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

Report

මෙරට ආනයන වියදම 2025 වසරේ මුල් මාස හය තුළ සැලකිය යුතු ලෙස වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුව නිකුත් කරන ලද දත්තවලට අනුව 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය සඳහා මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එසේම මෙය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 12.4 ක වර්ධනයක් බව පෙන්වයි.

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

පහුගිය 2024 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 8.7 ක් වූ අතර, 2025 වසරේ වාර්තා වූ මෙම වර්ධනය, රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල වෙනස්වීම් පිළිබිඹු කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වර්ධනයට ප්‍රධාන ලෙස බලපෑ එක් සාධකයක් නම් වාහන ආනයනය වෙනුවෙන් වූ වියදම් ඉහළ යෑමයි.

එසේම 2025 වසරේ මුල් මාස හය තුළ වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 475 දක්වා වැඩි වී තිබෙනවා.

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

මෙය පෙර වර්ෂයට සාපේක්ෂව වාහන ආනයනය වෙනුවෙන් වැඩි මුදලක් වැය වී ඇති බව දක්වයි.

තවද මහ බැංකුවට වාර්තා මත 2025 වසරේ ජූලි මාසයට වාර්තා වූ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක් ලෙස සඳහන්.

ඒ අනුව මෙම තොරතුරු මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

චිචීගේ රොකට් එකෙන් එච්චර හරියක් කරා නම් රාජපක්ෂලා මෙච්චර කල් කට පියන් ඉඳී කියලා හිතනවද? පිස්සුද අහන නලින්ද

චිචීගේ රොකට් එකෙන් එච්චර හරියක් කරා නම් රාජපක්ෂලා මෙච්චර කල් කට පියන් ඉඳී කියලා හිතනවද? පිස්සුද අහන නලින්ද