චිචීගේ රොකට් එකෙන් එච්චර හරියක් කරා නම් රාජපක්ෂලා මෙච්චර කල් කට පියන් ඉඳී කියලා හිතනවද? පිස්සුද අහන නලින්ද

Sri Lanka Politician
By Kaushi Aug 09, 2025 09:17 AM GMT
Kaushi

Kaushi

Report

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳව සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පෙන්වාදෙන්නේ එම ව්‍යාපෘතියෙන් රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි කාරණාවක් බවයි.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

''ඔබ හිතනවද සුප්‍රීම් සැට් එකෙන් එච්චර ආදායමක් ලංකාවට ආවා නම් රාජපක්ෂලා අවුරුදු දහයක් දහතුනක් විතර නිහඬව ඉඳියි කියලා. ඒගොල්ලන් එෆ්. සී. අයි. ඩී එක ගෙනා ගත්තා. ඒගොල්ලෝන්ට පහුගිය අවුරුදු දහතුනේම ඒ චෝදනාව එල්ල වුණා. මේ වගේ ආදායමක් ආවා නම්, රාජපක්ෂලා නිහඬව ඉදී කියලා හිතනව ද? එහෙම රටට වාසියක් ගේන්න මොකක් හරි එකක් රාජපක්ෂලා කරයි කියලා ඔබ හිතනවද? තමන්ට වාසියක් වෙන්නේ නැතුව. සෞඛ්‍ය පරීක්ෂණ සිද්ධ වෙනවා.

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

පරීක්ෂණ සිද්ධ වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද වුණේ කියලා. සුප්‍රීම් සැට් කියලා කියන්නේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. ඒකේ ව්‍යාපෘති ගණනාවක එකතුවක්. ඒ නිසා ඒ සමාගම තවත් ව්‍යාපෘති කරනවා. මං හිතන්නේ ඇත්ත හෙළිදරව් වේවි ළඟදිම. ඉතින් මේක බලන්න ඕනකම තියෙන්නේ රාජපක්ෂගේ සියලු ව්‍යාපෘති පැත්තක දාලා මේක තනියෙන් අරගෙන නෙවෙයි. ඒගොල්ලන්ගේ සමස්ත මැදිහත් වීම් අතරේ මේ රොකට් ව්‍යාපෘතිය කොතනද ස්ථානගත වෙන්නේ කියන එක.''

ලංකාවේ ජාතික වනෝද්‍යානයක ලොකු ප්‍රශ්නයක්

ලංකාවේ ජාතික වනෝද්‍යානයක ලොකු ප්‍රශ්නයක්