අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වර්තමාන රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත්, ඉදිරියේදී තවත් දිගු කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම මහජන කැමැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත්වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව තවත් බොහෝ කාලයක් රට පාලනය කරන බවත් ඔහු පවසා ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ උත්සව සභාවක් අමතමින්.
එහිදී රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත්, දැනට එය ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙය සංක්‍රාන්ති සමයක් බවද සරත් මහතා අවධාරණය කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සංක්‍රාන්ති සමයට බිය වූ පුද්ගලයන් සහ පාලකයන් විසින්, ලෝකයේ දැවැන්ත සමාජ, කාර්මික සහ තාක්ෂණික විප්ලවයන් සිදුවන විට, ශ්‍රී ලංකාව වසර 76ක් පුරා අඳුරු යුගයක තැබූ බවයි.