ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

Sri Lanka Politician V S Radhakrishnan Sinhala news Breaking News Colombo politics heat up
By Kaushi Aug 09, 2025 08:16 AM GMT
Kaushi

Kaushi

Report

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා ගැනිම පිළිබඳව තම වරප්‍රසාද කඩවිමක් සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ස.ජ.බ.) එස්. වි. රාධක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මහතා එහිදි වැඩි දුරටත් සඳහන් කළේ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රිවරුන්ගේ දරුවන්ට, ඥතින්ට සහ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දිම සම්බන්ධයෙන් විමසිමක් කළ බවයි.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

එහිදී අඳාළ නම් ලැයිස්තුව තුළ 2006 වර්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලීමේන්තු මන්ත්‍රිවරයෙකු වන වි. රාධාක්‍රිෂ්ණන් මහතා සඳහා කේ. රාධා ක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබාදුන් බව සදහන් වී ඇත.

"එම ප්‍රකාශය පදනම් කර ගෙන වර්තමානයේ පාර්ලීමේන්තුව නියෝජනය කරන මාහට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුල සමහර විද්‍යුත් මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා." යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි සදහන්වු වි. රාධාක්‍රිෂ්ණන් නාමය පෙරුමාල් පිල්ලේ රාධා ක්‍රිෂ්ණන් විය යුතු අතර ඉන් සදහන් වන්නේ වේලුසාමි රාධා ක්‍රිෂ්ණන් පිළිබඳව නොවන බවයි.

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

එසේම එවකට ඔහු පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් බවත් පාර්ලීමේන්තුව නියෝජනය නොකළ බවටත් පාර්ලිමේන්තුවටත් රටේ මහජනතාවටත් ප්‍රකාශ කර සිටින බවද ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබෙනවා.

ලබන සතියේ දැවැන්ත විරෝධයක් විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට

ලබන සතියේ දැවැන්ත විරෝධයක් විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට