නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් නවතී - විදුලි කප්පාදුවත් වැඩි වෙයිද ?..

Sri Lanka
By krishani Jun 18, 2022 06:15 AM GMT
krishani

krishani

Report

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (17) රාත්‍රියේ සිට නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නවතා දැමීමට සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව දින 75ක පමණ කාලයක් එම ජනන යන්ත්‍රයෙන් විදුලිය උත්පාදන කටයුතු සිදුනොවන අතර මේ නිසා ජාතික විදුලි පද්ධතියට ගල් අඟුරු බලාගාරයෙන් සැපයූ සියයට 45ක පමණ විදුලි ධාරිතාව සියයට 30ක් පමණ දක්වා අඩුවන බවත් ජල  විදුලියෙන් හා තාප බලාගාර මගින් කෙරෙන විදුලි උත්පාදන කටයුතු ඉහළ නංවාගැනීමට සිදුවන බවත් වාර්තා වේ.


You May Like This Video ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha