හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ පුත්‍රයා වන සෙනල් වෙල්ගම මහතා, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහනේ දී ඔහු පවසා ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවයි.

සෙනල් වෙල්ගම මහතාගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්

මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්

උපුටා ගැනීම 

මොන මොන දේශපාලන මත තිබුණත් අපි මතුගම දේශපාලනය කරන්නේ හිතවත්කමින් සහ සහෝදරකමින්. අපිට පෞද්ගලික ප්‍රශ්න බේද නෑ.

මතුගම අපි හරි දෙයට හරි කියනවා, උදව් කරනවා ඒ වගේම වැරදි දෙය විවේචනය කරනවා, විරුද්දව පෙනී සිටිනවා.

ජගත් විතාන මන්ත්‍රීතුමාගේ වත්කම් ගැන අළුතින් කාටවත් කියන්න ඕනෙ නැහැ. එන එන අළුත් වාහනය ගන්නේ ගාණක් වත් නැතුව. තමන්ගේ පෞද්ගලික මුදල් භාවිතා කරලා මළගෙදරට බස් එක, අනතුරකදී ගිනි නිවන රථය, නියඟයේදී වතුර බවුසරය ජගත් මහත්තයා මහජනතාවට දීලා තියෙන්නේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. මම විශ්වාස කරන්නේ නැහැ ජගත් මහත්තයා දැනුවත්ව නීති විරොධී වාහනයක් තමන් ගාව තියාගන්න කෙනෙක් කියලා.
වැඩිම දුක පැත්තක හිටිය රසික මල්ලිට මේ චෝදනා දාපු එක. පොළොවේ පය ගහල ඉන්න නිහතමානී තරුණයෙක්, සැමියෙක්, තරුණ පියෙක්. මේක පැහැදිලි දේශපාලන පලිගැනීමක්. වාහනේ අඩුපාඩුවක් තිබුණා නම් විමර්ශනයක් කරලා වැරද්දක් තිබුණා නම් අදාළ කෙනාට දඬුවම් දෙන්න තිබුණා. ජගත් විතාන මන්ත්රිතුමාවත්, රසික විතාන මල්ලිවත් කවදාවත් මතුගම දාලා ගිහින් හැන්ගෙන මිනිස්සු නෙවෙයි.

හිත හයියෙන් ඉන්න රසික මල්ලි! ඔයා වෙනුවෙන් අපි ඉන්නවා!

උපුටා ගැනීම අවසන් 

ෆෝනුත් ඔෆ්ලු රෝහිතගේ දෝණියි, බෑණයි ආගිය අතක් නෑ

ෆෝනුත් ඔෆ්ලු රෝහිතගේ දෝණියි, බෑණයි ආගිය අතක් නෑ

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්