‘දිට්වා’ ආපදාවෙන් සහල් හිගයක් නැහැ - ලාල් කාන්ත

Report

‘දිට්වා’ සුළි කුණාටු ආපදාවේ බලපෑම නිසා රට තුළ සහල් හිගයක් මතුවීමේ අවදානමක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

ගංවතුරින් හානියට පත් ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැන්න ලබාගැනීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. පෙර අවස්ථාවලදී සහල් ආනයනයට සිදුවූයේ ඇතැම් සහල් වර්ගවල වගා ප්‍රමාණයේ වෙනස්කම් හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.

රන්වල සිද්ධිය - සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්

රන්වල සිද්ධිය - සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්

ඉදිරි කන්නයේ නාඩු වී හැර වෙනත් අස්වැන්නක් වගා කරන ගොවීන්ට වැඩි මිලක් ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර වාර්තාවලට අනුව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හෙක්ටයාර් ලක්ෂ ගණනක වී කුඹුරු විනාශ වී ඇති අතර, එය ආහාර සුරක්ෂිතතාවයට බලපෑම් එල්ල කළ හැකි බව අනතුරු අඟවා ඇත. රජය මගින් ගොවීන්ට සහන සැලසීම් කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඉදිරි පැය 36 ගැන අවදානාත්මක කාලගුණ අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන අවදානාත්මක කාලගුණ අනාවැකියක්