ඉදිරි පැය 36 ගැන අවදානාත්මක කාලගුණ අනාවැකියක්

Report

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, ඊළඟ පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක් පවතිනු ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලදී පස්වරු 1.00ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේගයෙන් තද සුළං හමා යා හැකිය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා ඇති වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් කර ගන්නැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙයි.