දුම්රිය වැසිකිළියේ පෙකණිවැලත් එක්කම දින තුනක බිළිදියකගේ මළසිරුරක්

Report

 මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියේ වැසිකිළියකින් දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියකගේ මළ සිරුරක් අද (අගෝස්තු 1) දින සොයාගෙන ඇත.

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

මෙම බිළිඳියගේ සිරුර හමුවූයේ පුත්තලමෙන් ගල්කිස්ස බලා ධාවනය වූ අංක 8346 දරණ දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබියදීය.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ගමන නිමා වූ පසු දුම්රිය පිරිසිදු කිරීම සඳහා පැමිණි සේවකයින්ට තුන්වන පන්තියේ මැදිරියකින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර එය පරීක්ෂා කළ අවස්ථාවේදී ඔවුන් බිළිඳියකගේ සිරුරක් වැසිකිළියේ තිබීම හඳුනාගෙන ඇත. 

දරුවා අඩංගු වූ මල්ල විනිවිද පෙනෙන ආකාරයේ බෑගයක් වන අතර, එය ඩුබායි DUTY FREE වෙළඳසැලකින් ලබාගත් බව QR කේතය ස්කෑන් කිරීමෙන් තහවුරු කර තිබේ.

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී

සිරුර පරීක්ෂා කළ පොලිසිය පැවසුවේ, එම බිළිඳියගේ පෙකණි වැලේ කොටසක් සහිත බවත්, මෙම උපත රෝහලක සිදුවූ එකක් නොවන බවට සැකය පළවී ඇති බවත්ය.

මෙම කුඩා මළ සිරුර සොයාගැනීමත් සමඟ සේවකයින් වහාම දෙමටගොඩ පොලීසිය දැනුවත් කළ අතර, පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද පස්වරුවේ සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණේ මළ සිරුර නිරීක්ෂණය කළ අතර, පසුව එය මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබේ.