අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්න අයට විශ්‍රාමික වරප්‍රසාද ඕන නෑ - නාමල්ට මල පනී
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන පරිදි, ජනාධිපතිවරුන්ට බියක් හෝ සැකයක් නොමැතිව රට වෙනුවෙන් තීන්දු ගැනීමට හැකි වීමට විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අත්‍යවශ්‍ය වේ.
එම වරප්‍රසාද කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීන්දුව ගැනීමට ද ශක්තියක් වූ බව ඔහු සඳහන් කරයි.
වත්මන් ජනාධිපතිවරයා ගන්නා බව පවසන ඇතැම් තීන්දු ඔහුට අනාගතයේදී බලපෑම් එල්ල කළ හැකි බවත්, රට තුළ මේ වන විට සංවිධානාත්මක අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බවත් ඔහු පෙන්වා දෙයි.
එම අපරාධ මර්දනය කිරීමට පියවර නොගෙන, තමන් ආරක්ෂා කරගෙන විශ්‍රාම යෑමට ජනාධිපතිවරයා සිතන්නේ නම්, විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමේ තීන්දුවක් ගත හැකි බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
