ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි
තීරු බදු නිදහස් වෙළඳසැල්වලින් විශාල ප්රමාණයක මත්පැන් බෝතල් රැගෙන ගිය ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනයාත්මක ක්රියාමාර්ග ගෙන ඇත.
දැනටමත් ඔවුන් වහාම වෙනත් ස්ථානවලට මාරු කිරීමට පියවර ගෙන ඇත.
ආනයනික මත්පැන් බෝතල් තිහකට ආසන්න ප්රමාණයක් බදු නිදහස් වෙළඳසැල්වලින් රැගෙන යාම මෙම ක්රියාමාර්ගවලට මූලික හේතුව ලෙස සලකා ඇත.
මෙවැනි ක්රියාවලි කිහිප වතාවක් සිදුවී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.