ඉන්දියාව පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක්

Report

ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත්ව ඇත.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 284 ක් වේ.

තරගයෙන් කේ.එල් රාහුල් ලකුණු 112ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම පන්දු යැවීමේදී ක්‍රිස්ටින් ක්ලාර්ක් කඩුලු තුනක් දවාගැනීමට සමත්ව තිබෙනවා.

T20 ලෝක කුසලාන තරගයේ ප්‍රශ්න ගොඩක් - ප්‍රමුඛතම ක්‍රීඩකයින්ගෙත් වීසා ප්‍රතික්ෂේප කරලා

T20 ලෝක කුසලාන තරගයේ ප්‍රශ්න ගොඩක් - ප්‍රමුඛතම ක්‍රීඩකයින්ගෙත් වීසා ප්‍රතික්ෂේප කරලා

පසුව ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 47.3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

එහිදී ඩැරියල් මිචෙල් නොදැවි ලකුණු 131ක් සහ විල් යන්ග් ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූ අතර පන්දුයැවීමේදී හර්ෂිත් රාණා, ප්‍රසිද්හ් ක්‍රිෂ්ණා සහ කුල්දීප් යාදෙව් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වෙයි.

එමෙන්ම දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තරගය එළඹෙන 18 වැනිදා ඉන්ඩෝර්හිදි ආරම්භවීමට නියමිතව ඇත.

ඇලීසා හීලි ගත් තිරණය

ඇලීසා හීලි ගත් තිරණය

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්