කාලගුණයෙන් තවත් බය හිතෙන දැනුම්දීමක් - ආයෙත් සුළි සුළං ඇති වීමේ අවදානමක්
ඊසාන දින මෝසම සක්‍රිය වීමත් සමඟ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) දින පවසා ඇත.
ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත් වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මෙම තොරතුරු අනාවරණය කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළා.
එසේම එහිදී උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍ය අගයට ආසන්න වර්ෂාවක් පැවතිය හැකි බවද පවසයි.
එමෙන්ම බටහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බවද එම දත්ත අනුව පුරෝකතනය කර ඇති බව සඳහන්.
එසේ වුවද ජනරාල්වරයා පවසා සිටියේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින අතර එසේ සිදු වුවහොත් මෙම කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවයි.