ලංකාවට අලුත් විනෝදාස්වාද පුරවරයක් - අක්කර 13ක ලොකු වැඩක්
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මහජනයාගේ විනෝදාස්වාදය වෙනුවෙන් දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ' ෆ්‍රොලික් අයිලන්ඩ් විනෝදාත්මක මධ්‍යස්ථාන' (Frolic Island Recreational Hub) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අක්කර 13.57 ක සම්පුර්ණ භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටස් 09 ක් හඳුනාගෙන අවසන් බව සඳහන්.
අඳාළ බිම් කොටස් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත බැහැර කිරීමට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුගතව, ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, ආයෝජන යෝජනා කැඳවීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
අඳාළ ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කර අවසන් බව වාර්තා වේ. එය කඩුවෙල නගර සංවර්ධන සැලැස්ම යටතේ 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත.