ආයේ මෙහෙම වාහන ධාවනය කිරීම තහනම් - ආදායම් බලපත්‍රත් නැවත ගනී

Report

ගිනිගත්හේන නගරය ඔස්සේ ධාවන වන රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඊයේ (26) දින රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙනවා.

එහිදී ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ ඇතුලු වාහන 65ක් පරීක්ෂාවට ලක්කළ බව වාර්තා විය.

ඒ අනුව ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සඳහන් කළේ එහිදී හඳුනාගත් වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම දියත් කර තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු ගිනිගත්හේන පොලිස් රථවාහන අංශයේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් එක්වයි.

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

ආයේ මේ අයට PickMe වල යන්න බෑ - දැවැන්ත විරෝධයක්

එසේම පරීක්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අනතුරුදායක ආකාරයට වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ පෞද්ගලික බස් රථ 4ක්, ලොරි රථ 6ක්, ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ඇතුළු වාහන 12ක ආදායම් බලපත්‍ර මෝටර් රථ පරික්ෂකවරුන් භාරයට ගෙන ඇත.

එම වාහනවල තිබෙන අඩුපාඩුකම් සපුරා නැවත එම වාහන මෝටර් රථ පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට යොමු කරන තෙක් එම වාහන ධාවනය කිරීම දින 14කට මෙසේ තහනම් කරනු ලැබූ බව ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් වැඩිදුරටත් සඳහන් කළා.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්