පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩක පැතුම් නිශ්ශංකව සිම්බාබ්වේ එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් මාධ්‍ය හරහා දියත් වෙමින් ඇතැයි වාර්තා වේ.

සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තරග දෙකම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවූ නිශ්ශංක, දෙවැනි තරගයේ ශතකයක් රැස් කරමින් තරගාවලියේ වීරයා බවට පත්විය.

හිටපු වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇති අතර, ඇතැම් මාධ්‍ය එය ප්‍රවර්ධනය කරමින් සිටී. ක්‍රිකට් විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මාලිංගට ඩොලර් 10,000ක් ගෙවා ඇත්තේ පන්දු යැවීමේ දක්ෂතා වැඩිදියුණු කිරීමට පමණක් බවත්, කණ්ඩායම තුළ ගැටුම් ඇති කිරීමට නොවන බවත්ය.

සනත් ජයසූරිය වේග පන්දු යවන්නන්ගේ කාර්යක්ෂමතාව පැසසුවද, එක්දින තරගයකදී වයිඩ් පන්දු 19ක් යැවීමෙන් ඔවුන්ගේ දුර්වලතා හෙළි වූ බව විචාරකයෝ කියති. ඩිල්ෂාන් මධුසංඛ තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තද, ලකුණු 60ක ප්‍රහාරයකට ලක්විය. 11වැනි ශ්‍රේණිගත සිම්බාබ්වේට එරෙහි තරගය මෙලෙස බරපතල වූවේ නම්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි ශක්තිමත් කණ්ඩායම් සමඟ තරගවලදී ශ්‍රී ලංකාවට බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් පවසති.

 

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

දැදුරු ඔයේ මාළු ඇල්ලුවොත් තෑගි ගොඩයි - වැඩිම මාළුවාට සම්මානයක්

දැදුරු ඔයේ මාළු ඇල්ලුවොත් තෑගි ගොඩයි - වැඩිම මාළුවාට සම්මානයක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්