පාසල් විවෘත කරන දිනය මෙන්න

Report

අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් 9 තුළ පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක් ආපදාවට ලක්ව ඇති බවයි.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ අනුව ආසන්න වශයෙන් පාසල් යන දරුවන් ලක්ෂයක් පමණ මෙම ආපදාවෙන් කුමන හෝ ආකාරයක පීඩාවට පත්වී තිබෙන බවයි. කෙසේ නමුත් ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16වනදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බව ඔහු පැවසීය.

"කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න පිළිබඳ නිල නිවේදනය හෙට (8) හෝ අඟහරුවාදා (9) නිකුත්කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම පාසල් විවෘත කිරීමත් සමගම අපොස උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ප්‍රශ්නපත්‍ර 2026 ජනවාරි මාසය තුළ පවත්වන්න දැනට උත්සාහ කර තිබෙනවා" යනුවෙන් පැවසීය.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්