තත්ත්වය දරුණු වීමෙන් නාය යෑම් යළි සක්‍රීය වීමේ අවදානමක් - කොට්ඨාස 26කට අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි [VIDEO]
පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඊයේ (14) දින රාත්‍රියේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ අනුව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කට නිකුත්කළ අදියර 2 යටතේ 'අවධානයෙන් සිටින්න' නිවේදනය තවදුරටත් යාවත්කාලීන කළ බවයි.
එසේ අදියර 2 යටතේ නිවේදන නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය
නෙළුව
කළුතර දිස්ත්‍රික්කය
පාලින්දනුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය
ගඟඉහළ කෝරළේ, දෙල්තොට, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළය, පාතහේවාහැට, යටිනුවර, දොළුව, උඩ පළාත, පන්විල සහ අකුරණ
කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල සහ අලව්ව
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරිඇල්ල සහ කලවාන
එමෙන්ම දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අදියර 1 'විමසිලිමත්ව සිටින්න' නිවේදන නිකුත්කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය
හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය, තවලම සහ නියාගම
ගම්පහ දිස්ත්‍රික්කය
අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය
ඉංගිරිය සහ බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය
මැදදුම්බර, උඩුදුම්බර, පූජාපිටිය, තුම්පනේ, හතරලියැද්ද, හාරිස්පත්තුව සහ උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය
වරකාපොල, අරණායක, කෑගල්ල, රඹුක්කන, දෙහිඕවිට, රුවන්වැල්ල, මාවනැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය
රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය
අඹන්ගහ කෝරළය, රත්තොට සහ නාවුල
මාතර දිස්ත්‍රික්කය
පිටබැද්දර
මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය, බඩල්කුඹුර සහ බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව කෝරළේ, නෝවුඩ් සහ කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය
ඇලපාත, ගොඩකවෙල, කහවත්ත සහ නිවිතිගල
එමෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ ඇතිවූ ප්‍රදේශවල යම් ආකාරයක නායයෑම් සක්‍රියවීමේ හැකියාවක් ඇති බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා මෙහිදී සඳහන් කර ඇත.
එනිසා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම එම ස්ථාන පසුකරන සහ එම ස්ථානවල යම් කාර්යයක නිරතවන ජනතාවටත් සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇත.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,