වසා දැමුණු පාසලක් නැවත විවෘත කිරීමක් ගැන දැනුම්දීමක්
නායයෑමේ අවධානමක් හේතුවෙන් මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිර්දේශ ලබාදී ඇත.
ඒ අනුව අදාළ පාසලේ ආරක්ෂිත බැම්ම නායයෑමට ලක්වීම හේතුවෙන් මෙසේ තාවකාලික පාසල වසා දැමීමට කටයුතු කර තිබූ බව සඳහන්.
කෙසේ වුවත් අදාළ පාසල පිහිටි පරිශ්‍රය පිළිබදව සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මෙම පාසල ආරම්භ කරන ලෙස නිර්දේශ ලබා දී ඇත.