සැඟව සිටි තවත් ඝාතකයෙකු කොටුවේ..

By Piyumika Sep 02, 2024 02:56 AM GMT
Report

නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ දී සිදුකළ ඝාතනයකට සම්බන්ධ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ .

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .

දෙමෝදර යන අය මේ ගැනත් දැනුවත් වෙන්න..

දෙමෝදර යන අය මේ ගැනත් දැනුවත් වෙන්න..

පසුගිය 30 වනදා මෙම සැකකරු පයිරික්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි තිබූ දේපොළ සොරකම් කරමින් සිටි අවස්ථාවේදී එම නිවසේ හිමිකාරිය නිවසට පැමිණ තිබුණි. එහිදී එම කාන්තාව සැකකරුව හඳුනාගෙන ඇති බැවින් ඇයට පහරදී ඇයව ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි එම නිවසේ පදිංචිව සිටි කාන්තාවකි.

විශ්වමිත්‍රයෙන් නෑගම් ආපු ඈයෝ නිසා ගුජරාටයේ කලබල..(PHOTO/VIDEO)

විශ්වමිත්‍රයෙන් නෑගම් ආපු ඈයෝ නිසා ගුජරාටයේ කලබල..(PHOTO/VIDEO)

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (01) අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 38 හැවිරිදි පයිරික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාන්නේරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.