දෙමෝදර යන අය මේ ගැනත් දැනුවත් වෙන්න..

Sri Lanka Tourism Landslide In Sri Lanka
By Piyumika Sep 02, 2024 02:25 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රචලිත ඇල්ල දෙමෝදර ආරුක්කු නමයේ පාලම අසල කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බව හඳුනාගෙන ඇත.

නායයෑමේ අවදානම පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙන බව සදහන් වේ.

බිරිඳගෙන් වැඩි සල්ලි ගන්න දියණියට පහර දුන් පියාට වැඩ වරදී..

බිරිඳගෙන් වැඩි සල්ලි ගන්න දියණියට පහර දුන් පියාට වැඩ වරදී..

ඇල්ල දෙමෝදර ආරුක්කු නමයේ පාලම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් ස්ථානයකි. විශේෂත්වයකින් තොරව වසරේ සෑම කාලයකම පාහේ සංචාරකයින් මෙම පාලම නැරඹීමට එක්වන අතර එය ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙස ද ජාත්‍යන්තරයේ ප්‍රචලිතය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මෙම ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ගමනක අත්දැකීම විඳගැනීමට බොහෝ සංචාරකයින් දැඩි සේ ප්‍රියතාවක් දක්වයි.

කෙසේවෙතත් අද වනවිට එම පාලම ආසන්න කඳුගැටයක නාය යාමේ අවදානමක් පවතින බවට සොයාගෙන තිබේ . එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

දරුවන්ගේ නෙත් පනාපිට මවට තිස්පස් පාරක් පිහියකින් සහ පොරෝවකින් පහර දුන් පියා..

දරුවන්ගේ නෙත් පනාපිට මවට තිස්පස් පාරක් පිහියකින් සහ පොරෝවකින් පහර දුන් පියා..

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 101.3ක මූල්‍ය අනුග්‍රහයක් ඊට ලබාදීමට යෝජිතය. මෙම ව්‍යාපෘතිය මගින් නායයෑම් අවදානම සහිත කඳුගැටය ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොද‍ා එහි හිඩැස් අතර ශාක වැවීම මගින් ස්වාභාවික පරිසරය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරකයින් බහුලව පැමිණීම සහ දුම්රිය ගමන්වාර ද බහුලව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා වැඩි කාලයක් ගත වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියේය .