ජවිපෙට නෙමේ රටට හරියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න නාමල් කියයි
ජනාධිපතිවරයා ගන්නා උඩගු තීරණ ජාතියට , ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටු නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එය නිවැරදි නොවන බවයි.
තවද රාජපක්ෂ මහතා සදහන් කළේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට නොගැලපෙන නමුත් රජය ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙන්නුම් කරන බවයි.
ඒ වගේම රටට සුදුසු සහ අවශ්‍ය දේ පමණක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බව එතුමා සදහන් කර තිබේ ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ අහංකාරයෙන් ගන්නා තීරණ ජාතියට, එහි ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටු නොකරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජනතාව අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනස්කම් සඳහා ඇති අවශ්‍යතාවය පිළිගන්නා බව මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.
'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්
නමුත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ හඳුන්වා දෙන ඕනෑම ප්‍රතිසංස්කරණයක් රටට අනුකූල විය යුතු අතර, ජනතා විමුක්ති පෙරමුණට ගැලපෙන පරිදි නිර්මාණය නොකළ යුතු බවයි.
තවද රටේ අධ්‍යාපන ක්‍රමයට නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ගන්නා උත්සාහයන් සඳහා රජය සම්පූර්ණ වගකීම බාර ගත යුතු බව රාජපක්ෂ මහතා සදහන් කර තිබේ .