මේ සිනමාවේ පෙරළියක්ද? ගම්පහ ඔස්මන් චමින්දව විශ්වාස කළේ ඇයි කියලා හරියටම දැනගන්න ෆාදර්” බලන්න
ෆාදර්” සිංහල චිත්‍රපටය යනු ලංකාවේ 1970 -1990 දක්වා කාලසීමාව තුළ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වුණ අපූරු සිනමා සිත්තමකි. ඒ වගේම එය අධ්‍යක්ෂණය කරන ලද්දේ චමින්ද ජයසූරිය විසිනි. ප්‍රේක්ෂකයන්ට කලකට පසුව දකින්නට පුළුවන් Biopic කැටගරියට අයත්වන‘crime thriller’ වර්ගයේ චිත්‍රපටයක් වේ.
ඒ වගේම මෙම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් නිර්මාණයක් වන බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ වගේම තවත් නිර්මාණය තවත් සුවිශේෂී වන්නේ මෙරට සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එකම තිරයකදී දැකගත හැකි වීමයි.
මෙම සිනමාපටයට සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි,පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක ඇතුළු විශිෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මේ සදහා රංගනයෙන් දායක වී ඇත.
ඒ නම් ටික ඇහෙද්දිම ඔබ දන්නවා මේ සිනමාපටය නොබලා ඉන්න බැරි එකක් වග
ඒවගේම EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කු ගෙනි.
ඒ ෆාදර්” සිංහල චිත්‍රපටය ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ පූජන දංදෙනිය ඔහු වටා තවත් රංගනයේ දැවැන්ත චරිත බොහෝමයක් එක්කාසු වෙලා තියනවා.
ජීවත්වෙලා ඉන්න පුද්ගලයෙක්ගේ සත්‍ය කතාවක්. ඉතිං ඔබත් එහි සාක්ෂිකරුවෙක් වෙන්න එන්න.
පසුගිය (09) දා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීම් ආරමිභ වී තියනවා.
සංජිවටයි පද්මෙටයි එලොව යවන්න බැරිවූ ගම්පහ ඔස්මන් චමින්දව විශ්වාස කළේ ඇයි ? කියලා හරියටම දැනගන්න ඔබත් ළගම ඇති සිනමාහලට යන්න.
ඉතිං විනිශ්චය අවිනිශ්චිතයි