කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කර තිබේ.

   මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. ඒ අනුව එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම මෙන්ම ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙ වන විටත් අධි චෝදනා භාර තිබේ ඒ වගේම ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

‘‘දිට්වා‘‘ ආධාර ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත්, මෙන්න තවත් ප්‍රශ්නයක්

‘‘දිට්වා‘‘ ආධාර ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත්, මෙන්න තවත් ප්‍රශ්නයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්