නාමල් සහ ජනපති අතර ගැටුමක්..

United National Party Mahinda Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna
By Aruna Jul 10, 2023 12:13 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ප්‍රතිපත්තිමය ගැටළුවක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අද වන විට රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගෙනවිත් ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම අවධාරණය කළා.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තුලින් ඒ මොහොතේ තෝරා ගන්නා ලද්දේ හොඳම විකල්පය ලෙස බව ද රාජපක්ෂ මහතා වැඩිචුරටත් සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්තියත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රතිපත්තියත් මෙතෙක් වෙනස් වී නැති බවද පැවසූ ඔහු වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාවාදී ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමේ වගකීමක් ඇති බවද කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට සඳහා අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේදී ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම එහිදී තවදුරටත් ප්‍රකාශ කළා.