මිනිස්සු 200ක් එක දවසට මියගිහින් - මොන තරම් ඛේදවාචකයක්ද
By Ashfa
පකිස්තාන ආපදා කලමනාකරණ අධිකාරිය වාර්තා කරන ආකාරයට වයඹදිග හා උතුරු පාකිස්තානයට දරුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (15) දින පමණක් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇත.
මෙම ධාරාණිපාත වර්ෂා තත්ත්වය කයිබර් පක්තුන්ක්වා කඳුකරයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
මේ ආකාරයේ ඉහළ යන මරණවලට හේතුව ලෙස කඳුකරයේ අධික වර්ෂාව, හදිසි ගංවතුර, අකුණු සැර වැදීම් සහ ගොඩනැගිලි කඩාවැටීම් බව බලධාරීන් පෙන්වා දෙයි.