ආයේ බස් එනකම් හිටන් හිටපු කාලේ ඉවරයි - ලංගම පුද්ගලික බස් රථ වලට කාලසටහනක්
අමාත්‍ය බිමල් රත්නායක මහතා හැටන් බස් නැවතුම්පොලේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ පවසා සිටියේ දුම්රිය ස්ථානය අසළම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"අද දිනයේදි අපි නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පිහිටවනු ලැබුවා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කමිටු පිහිටුවනවා. (14) දිනයේ අප නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන්ම සිදු කළේ ඒ කටයුතුයි. රටේ මිනිස්සු මිලියන 22කටම සම්බන්ධ දෙයක් තමයි ප්‍රවාහනය. අපේ රටේ ප්‍රධාන ගැටළුවක් තමයි ප්‍රවාහනය. සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන්නේ බස් රථ, කෝච්චිය නැත්නම් ත්‍රීවිල් එක වගේම පාසල් බස් රථ වැනි දේවල්. ඒවා හරියට පාලනය වෙන්නෙත් නැ. පහසුකම් ඇත්තෙත් නෑ. මේ ප්‍රදේශයේ වැඩිපුරම කදුකර ප්‍රදේශයක් වතු ජනතාව ඉන්නේ ආර්ථික වශයෙන් අමාරු ප්‍රදේශයක්. නමුත්, හරියට ප්‍රවාහන සේවාව සපයන්න ගැටළු රාශියක් තියනවා. පාරවල් ප්‍රශ්න තියනවා. ඒ හේතුවෙන් අපි සම්බන්ධීකරණ කමිටුව පිහිටුවා ගත්තේ. ඒකේ සභාපති වශයෙන් පත් වුනෙත් මංජුල සුරවීර ආරච්චි මන්ත්‍රිතුමා. එතකොට අපිට පුලුවන් වෙනවා කොළඹයි නුවරඑලියෙයි තියන ප්‍රශ්න වේගෙන් කතා කරලා විසදගන්න. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න විතරක් මිලියන 2500කට ආසන්න මුදලක් වෙන් කරලා තියනවා. අපි (14) දිනත් මිලියන 300කට ආසන්න මුදලක් අලුතිනුත් ලබා දුන්නා පාරවල් හදන්න. පාරවල් හදනවට වඩා අමාරුයි කෝච්චි, ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ තරහා වෙලා වගේ නේ ඉන්නේ. එකම මිනිස්සු තැන් දෙකකින් බෝඩ් කරන්නේ. ඒ නිසා ඒකාබද්ධ කාලසටහනකට යා යුතුයි. අපි (14) දිනයේ දැනුම් දුන්නා ලබන වසරක කාලය තුලදී ක්‍රමානුකූලව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට යන්න ඕන. ලංගම සහ පෞද්ගලික යන දෙපැත්තෙන්ම හැදිය යුතු කාරණා තිබෙනවා. අපට මේ පිලිබදව එකට බලන්න වෙන්නේ. එක් පැත්තකින් මේක මහජනතාවගේ අවශ්‍යතාවයක්, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක්. නත්තලට කඩ දානවා වගේ, මංගල්ලෙට කඩ දානවා වගේ නෙවෙයි ප්‍රවාහනය කියන්නේ. කෝටි ගානක් වටිනවා.
ඒ නිසා අපි ව්‍යාපාරේ පැත්ත බලන්නත් ඕන. ඒ කියලා ව්‍යාපාරිකයා මංකොල්ලයක් ලෙස කරොත් එහෙම ඒක ව්‍යාපාරයක් වෙන්නෑ. ඒ හේතුවෙන් මේ දෙකටම අදාළව යම් කාලයක් දෙමින් අපි පිලිවෙළක් කරන්න යනවා. හැටන් නගරය අපේ රටේ ඉතාම වැදගත් නගරයක් වගේම ඉතාම වැදගත් දුම්රිය මධ්‍යස්ථානයක් . ඒකේ විශාල ගැටළු ප්‍රමාණයක් තියනවා. දුම්රිය ස්ථානය අසළම බස් නැවතම්පොළක් ඉදි කරන්න පුලුවන් නම් බහුවිධ ප්‍රවාහන සේවයක් එක තැනකට අරගෙන යාම අප හිතනවා ජනතාවට ඉතාම විශාල සේවයක් වෙයි කියලා. මේ අවුරුද්දේ අපි අයවැයට දාලා තියනවා එවැනි ස්ථාන 15ක් ගොඩනගන්න. ලබන අවුරුද්දටත් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න. එවැනි ස්ථාන 25ක් , නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක්ම එකතු කරන්න වෙයි කියලා. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අපි පොරොන්දුවක් ලබා දුන්නා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. අපි මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. වතු සමාගම් මේ වනවිට විශාල ලාභයක් උපයනවා. අපි ඒ අනුව වතු කම්කරුවන්ට පොරොන්දු වුණ රු.1700 ලබා දෙනවා.” ලෙසයි