ආයේ ලෝකේ පාලනේ රොබෝ අතේද? ඔන්න රොබෝ ඔලිම්පික් උළෙල ආරම්භයි
ලොව පළමුවරට මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය.
මෙම තරගය සදහා චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන් 280ක් සිය රොබෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සදහා ඉදිරිපත් කිරීම විශේෂයකි.
මෙම තරගය දින 3ක් පුරා පැවැත්වීමට තීරණය කර ඇති අතර මෙම තරගාවලියේ දී රොබෝ තරගකරුවන් මලල ක්‍රීඩා, පාපන්දු, බොක්සිං, සටන් කලා ඇතුළු ඉසව් කිහිපයක් යටතේ තරග වැදීමට සූදානම් බව වාර්තා වේ.