දිවයින පුරා සිදුකරන විශේෂ පොලිස් මෙහෙයුමෙන් හමු වු දේ
මේ දිනවල මුළු දිවයිනම ආවරණය කරමින් පොලිස් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන මෙම විශේෂ පොලිස් මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15) දිනය තුළ සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 158ක් බව පොලීසිය පවසයි. මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුනය ගෙන ඇත.
රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.