ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ නම රන් අකුරින් ලියන්න සැරසෙන ජේකබ් බෙතෙල්
එංගලන්ත විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරයේ කණ්ඩායම් නායකත්වයට 21 හැවිරිදි ජේකබ් බෙතෙල් නම්කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ද එංගලන්ත - වේල්ස් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සඳහන්.
එසේම මෙම සංචාරයට පෙර එංගලන්තය එරටදී දකුණු අප්‍රිකාව සමඟ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීමට ද නියමිතව තිබෙනවා.
එහි ක්‍රීඩා කරන නිත්‍ය නායක හැරී බෲක් විවේක ගැන්වීමට තීරණය කර ඇති හේතුවෙන් මෙසේ බෙතෙල්ට අයර්ලන්ත සංචාරයේ නායකත්වය ලබාදීමට තීරණය කර ඇති බව පවසයි.
කෙසේ වෙතත් බෙතෙල්ට නායකත්වය හිමිවුවහොත් ඔහු එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයක් මෙහෙයවන ලාබාලම නායකයා වනු ඇති බවට වාර්තා වේ.
එසේම එංගලන්තය නියෝජනය කරමින් ආකෘති ත්‍රිත්වයම නියෝජනය කරන බෙතෙල් මේ වන විට ජාත්‍යන්තර තරග 29කදී ලකුණු 869ක් රැස්කර තිබෙනවා. එමෙන්ම එයට අර්ධ ශතක 8ක් ඇතුළත් වන අතර ඔහු ජාත්‍යන්තර කඩුලු 14කට හිමිකම් දරයි.
මේ අතර මෙතෙක් එංගලන්තයෙන් බිහි වූ ලාබාලම නායකයා වන්නේ මොන්ටි බව්ඩන් ය. ඔහු නායකත්වයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 144ක් බව සඳහන්.
ඒ 1889 වසරේ දී දකුණු අප්‍රිකාවට විරුද්ධව පැවති ටෙස්ට් තරගයකදී, එනම් මීට වසර 136කට පෙරයි.
ඔහු 1892 වසරේ දී සිම්බාබ්වේ දී අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 26 ක් වූ අතර එංගලන්තයෙන් බිහිවූ 61වන ටෙස්ට් නායකයා විය.
එසේම ඔහු මියගොස් තිබුණේ අපස්මාරයෙන් පෙළීම නිසා කරත්තයෙන් වැටී, ඔහුගේම ගොනුන්ගේ කුරවලට පැගීමෙන් බව සඳහන්.