සජබ ලොක්කෙක් පොලීසියටම ඇවිත් ස්ථානාධිපතිට ගහලා - පොලිස් නිලධාරියා රෝහලේ

Report

පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී මත්පැන් පානය කළ රියදුරෙකු රථවාහන අනතුරක් සිදුකර අත්අඩංගුවට ගන්නට යැමේදී සිදුවූ සිදුවීමක් හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ඊයේ (15) පස්වරුවේ ගැටීමෙන් අනතුරක් සිදුව, මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විට, ඔහුගේ හිතවතෙකු වන හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණ බැන වැදී, විරෝධය පල කර තිබේ.

එහිදී පාදුක්ක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමට උත්සහයක් සිදුව ඇති අතර ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිසිය තත්ත්වය පාලනය කිරීමට ඔහුව සිර මැදිරියේ රැඳවීමට උත්සාහ කළද, ඔහුට අසනීප බව කියා රෝහලට ඇතුළත් කරන ලදී.

ලොක්කෙක්ගේ අපරාධවලට උදව් කරපු හයක් CID අත්අඩංගුවට?

ලොක්කෙක්ගේ අපරාධවලට උදව් කරපු හයක් CID අත්අඩංගුවට?

රෝහලේදීද ඔහු කලහකාරී ලෙස හැසිරුණ බව වාර්තා වේ. මේ වනවිට හිටපු මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියාද එම රෝහලේ ප්‍රතිකාර ලබයි.

අදාළ හිටපු මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පවසයි.

නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්

නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්

සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.