කෝටියේ සල්ලි මල්ලට විද්ද රියදුරු

Report

රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරාගත් රියදුරෙකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයකට අයත් වෑන් රථයකින් මුදල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම රියදුරු මෙම සොරකම සිදුකර ඇති බවට වාර්තාවේ.

එම අවස්ථාවේදී මුදල් මල්ලේ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ පිහිටි මෙම ආයතනයේ රියදුරෙකු ඇතුළු 4 දෙනකු විසින් මෙම මුදල් මලු රැගෙන ආයතනය වෙත පැමිණ තිබෙනවා.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ඔවුන් විසින් මුදල් මලු‍ 15ක් ආයතනයට රැගෙන ආවද ඊට භාරදී ඇත්තේ මුදල් මලු‍ 14ක් බව අදාල ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකරු පොලිසියට පැමිණිලි කර තිබුණා. වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කුටියෙන් ලබාගත් රුපියල් කෝටියකට අධික මුදලක් අඩංගු මල්ල බාරදී නොමැති බවයි ඔහු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

පසුව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල්ගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයදී සැකකාර රියදුරා පැය 24ක් යන්නටත් මත්තෙන් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්