නොමිලේ ලබා දුන් ආහාර විෂ වීමෙන් සිසුන් 365ක් රෝහලේ

Report

මේ කියන්න යන්නේ කුඩා ළමුන් රැසක් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන්. මේ කතාව ආරංචි වෙන්නේ ඉන්දුනීසියාවෙන්.ඒ අනුව ඉන්දුනීසියාවේ පාසල් ළමුන් සඳහා නොමිලයේ ලබාදෙන දිවා ආහාර වේල අනුභව කරමින් සිටි මධ්‍යම ජාවා දූපතෙහි සර්ගෙන් නගරයේ පිහිටි පාසලක ළමුන් 365 දෙනකු හදිසියේම රෝගාතුර වී ඇති බව වාර්තා වෙනවා.

බලධාරීන්ට අනුව සර්ගෙන් නගරයේ පාසල් ගණනාවකට ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි මධ්‍යම මුළුතැන්ගෙවල් මගින් සකස් කර නොමිලයේ බෙදා හරිනු ලබන දිවා ආහාර වේලක් මගින් මෙසේ පාසල් ළමුන්ට විෂ ශරීර ගත වී ඇති බවට අනාවරණය වේ.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

මෙම ආහාර වේල අනුභව කිරීමෙන් අනතුරුව පාසල් ළමුන්ට හිසරදය, උදරයේ වේදනාව හා පාචනය යන රෝග ලක්ෂණ මතු වී ඇති අතර, පාසල් ළමුන්ට විෂ වී තිබූ ආහාර සාම්පල් පරීක්ෂාව සඳහා රසායනාගාරය වෙත යවා ඇති බව සර්ගෙන් නගරයේ ආරක්ෂක අංශ පවසයි.

ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රභවෝ සුබියන්ටෝ විසින් රට පුරා ක්‍රියාත්මක කර ඇති පාසල් ළමුන්ට නොමිලයේ දිවා ආහාරය සැපයීමේ වැඩපිළිවෙළ යටතේ සපයා ඇති ආහාර අනුභව කිරීමෙන් මේ දක්වා පාසල් ළමුන් 1000 කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී ඇති බව වාර්තා වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

එමෙන්ම මෙවන විට විෂ ශරීරගත වූ දරුවන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ කීප අවස්ථාවකදීම සිදුවූ සිදුවීමක් බැවින් එරට රජයේ අවධානය යොමු විය යුතු බව බහුතර මතයයි.

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට