නාමල් හම්බන්තොට පාක්ෂිකයින්ගේ ගෙයින් ගෙට යයි..එහිදී ලැබුණු ප්‍රතිචාර මෙන්න.(PHOTOS)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ආසනයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීරවිල කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් හමුවීමට ගොස් තිබෙනවා.
ඒ සම්බන්ධව නාමල් රාජක්ෂ මහතා සිය ෆේස්බුක් පේජය හරහා මෙලෙස සටහනක් තබා තිබුණා.
එහි සඳහන් වූයේ, විපක්ෂයේ සමාජිකයෙක් සමඟ වුවද කරන කතා බහ තුල, එම ජනතාවගේ යම් යම් සිහි කැඳවිම් පිළිබඳ මම නිහතමානීව ආඩම්බර වෙමි.
ඒ සිහිකැඳවීම තුල ඇත්තේ අප රටේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකාවේ පලමු වැනි සුලං බලාගාරය, විපක්ෂයේ විවේචනයට ලක් වුවත් අද වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය හා මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වැනි සංවර්ධනයන් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙත ලබාදිම පිළිබඳවයි.
එපමණක් නොව ක්‍රීඩාව සඳහා ආසන 35 000 ක පමණ ධාරිතාවක් ඇති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ කලාව වෙනුවෙන් රන්මිණිතැන්න නව ටෙලි-සිනමා ගම්මානය ලබාදිම පිලිබඳවත් කතා කරයි.
ඒ ආශ්‍රිත බිහි වු රැකියා මෙන්ම සංවර්ධනය වු යටිතල පහසුකම් පිලිබඳ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව අතර ඇත්තේ ධනාත්මක සිතුවිල්ලකි.
අපගේ පාලන කාලසීමාවේ හැර මෑත ඉතිහාසයේ ජනතාවාදී සංවර්ධනයන් නොමැත. පදනම් විරහිත චෝදනා වල සත්‍ය ජනතාව හොදින්ම දන්නා බවත් මම විශ්වාස කරමි.
එහෙත් ජනපති, අගමැති, විෂයභාර අමාත්‍යවරයා හා එහි විධායක නිළධාරින් මාරුවෙන සෑම විටම එකී ප්‍රතිපත්ති හා සංවර්ධන කටයුතු ද ඇණහිටි. එසේ වීම රටේ ආර්ථිකයට විශාල පාඩුවකි.
කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රීයාත්මක කිරිමට දේශපාලන බලපෑමෙන් තොරව විධායකයට, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට සෘජුව වගකියන ව්‍යවස්ථාපිත ආයතනයක අවශ්‍යතාව මා දකින්නේ මේ නිසාය.
එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප පෙළක් පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |