අනතුර වෙද්දී රියැදුරු 4වෙනි ගියරේ ගිහින් ඇල්ල අනතුර ගැන තවත් තොරතුරු එළියට
පසුගියදා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව අසලදී පහළොස් දෙනෙකුට මරු කැඳවමින් අඩි දහසක් පමණ ප්‍රපාතයකට චාරිකාවක ගිය බස් රථයක් පෙරළුණි.
ඒ අනුව මෙම අනතුරට හේතුව විමර්ශනය කිරීමට පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් සහ රස පරීක්ෂකවරු පිටත් විය.
එම පරීක්‍ෂණ සහ නිගමන වලට අනතුරුව රියදුරුගේ අපරීක්‍ෂාකාරී බව හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවට සනාථ වී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් සිදු කෙරූ පරීක්ෂණවලින් හෙළි වූයේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය ධාවනය කර ඇත්තේ දැඩි බෑවුමේ හතරවෙනි ගියරේ බව හෙළිවූ බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අනුර බතීගම, ප්‍රධාන මෝටර් වාහන පරික්ෂක ප්‍රභාත් රජතේව, ප්‍රථාන මෝටර් රථ වාහන පරික්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර), ජාලිය බණ්ඩාර (නුවරඑළිය), හසිත රන්දෙණිය (කුරුණෑගල), හසිත් කුලතුංග (කෑගල්ල) යන අය සමග බදුල්ල ප්‍රධාන මෝටර් රථ වාහන පරික්ෂක (බදුල්ල) නුවන් චාමිකර කරවිට මෙයට එක්වී සිටියා.
මෙම කණ්ඩායම බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ ගරාජයක සේවක පිරිසකගේ සහාය මත මෙම බස් රථයේ සුන්බුන් කොටස් එකින් එක ගලවා පරික්ෂා කර තිබුණා. එහිදී බසයේ ගියර් පෙට්ටිය ගලවා පරීක්ෂා කළ අතර එහිදී එම බස් රථයේ රියැදුරු අනතුර සදුවන අවස්ථාව වනවිට එම බස් රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ දැඩි බෑවුමක සිව්වන ගියරයේ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබූ බවටත් දැනට සිදුකළ පරීක්ෂණවලින් හෙළිව ඇති බවත් මෙම නිලධාරීන් හෙළිකරගෙන තිබේ.
තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී ඉකුත් (04) වැනිදා රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණා. මෙම බස්රථය අඩි 1000කට අධික පල්ලමකට වැටී තිබුණා. මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, බස්රථයේ රියැදුරු ඇතුළු 15 දෙනකු මරුමුවට පත්වුණා. 18 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.