නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

Report

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව අධිකරණය සඳහන් කර ඇත.

මෙම නඩු කටයුත්තේදී අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර, සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී තිබේ.

නාමල්ට ඊමේල් පණිවිඩයක් හුවමාරු වෙලාද.. සමහර ඇත්ත තිත්තයි.. නීතිඥ මනෝජ් ගමගේ සියල්ල හෙළිකරපු හැටි

නාමල්ට ඊමේල් පණිවිඩයක් හුවමාරු වෙලාද.. සමහර ඇත්ත තිත්තයි.. නීතිඥ මනෝජ් ගමගේ සියල්ල හෙළිකරපු හැටි

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?