විශේෂ දැනුම්දීමක් - මේ අයට රජයේ ස්ථීර රැකියාවක් නව පත්වීම් ලබා දේ

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් අලුතින් බඳවාගත් සේවකයින් 100 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (07) සිදු කෙරිණි.

එම උත්සවය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

ප්‍රසිද්ධ දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා, විධිමත් තෝරාගැනීමේ ක්‍රියාවලියක් හරහා සුදුසුකම් සපුරාලූ පිරිසක් අතරින් මෙම බඳවාගැනීම් සිදුකර ඇත.

ඒ අනුව කළමනාකරණ සහකාර, තොරතුරු තාක්ෂණ නිලධාරී, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා නව සේවකයින් තෝරාගෙන තිබේ.

විගමණික ශ්‍රමිකයින්, විදේශ රැකියා අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සපයන සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම පිරිස ප්‍රධාන කාර්යාලයට මෙන්ම දිවයින පුරා පිහිටි පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලවල සේවා අවශ්‍යතා අනුව අනුයුක්ත කිරීමට නියමිතය.

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්