බන්ධනාගාරේ ඉන්න නාමල්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්න - කථානායකගෙන් ඉල්ලීමක්

Report

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විපක්ෂ නායක කාර්යාලය හරහා කළ මෙම ලිඛිත ඉල්ලීම මේ වන විට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමුකර තිබේ.

සමාජ මාධ්‍ය හැසිරීම ගැන අගමැතිනිය කලකිරිලා ප්‍රසිද්ධියේ කියු දේ මෙන්න

සමාජ මාධ්‍ය හැසිරීම ගැන අගමැතිනිය කලකිරිලා ප්‍රසිද්ධියේ කියු දේ මෙන්න

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පවතින සම්ප්‍රදායන්ට අනුව කතානායකවරයා ඊට අදාළ ඉදිරි පියවර ගනු ඇතැයි කතානායක කාර්යාල ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

මේ අතර, පාර්ලිමේන්තුවේ පවතින සම්ප්‍රදායට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හෙට (08) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

සමාජ මාධ්‍ය හැසිරීම ගැන අගමැතිනිය කලකිරිලා ප්‍රසිද්ධියේ කියු දේ මෙන්න

සමාජ මාධ්‍ය හැසිරීම ගැන අගමැතිනිය කලකිරිලා ප්‍රසිද්ධියේ කියු දේ මෙන්න