මියන්මාර හමුදාව හදිසි තත්වය ඉවත් කරයි
By Hashini
මියන්මාර හමුදාව මියන්මාරයට 2021 පෙබරවාරි මාසයේ ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්වය අවසන් කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන මැතිවරණය සඳහා සූදානම් වීම වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2021 පෙබරවාරි මාසයේදී හමුදාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ සිවිල් රජය වන අවුන් සාන් සුකී බලයෙන් පහ කිරීමත් සමඟ වන අතර එය දහස් ගණනක් ජීවිත බිලිගත් සිවිල් යුද්ධයක් ඇති කළේය.
ඒ අනුව හමුදා ප්‍රධානී මින් අවුන් හ්ලයිංට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කෙරෙහි උත්තරීතර බලය ලැබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මැතිවරණයක් පැවැත්වීම සඳහා මින් අවුන් හ්ලයිං විසින් නායකත්වය දෙන සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පිහිටුවීමට ද හමුදා ජුන්ටාව නිවේදනය කළ බවයි .