මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sri Lanka Ministry of Health Sri Lanka Death Latest Headlines Sinhala news
By Ashfa Jul 31, 2025 11:39 AM GMT
Ashfa

Ashfa

Report

හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේදී මාළු පාන් කැබැල්ලක් ආහාරයට ගනිමින් සිටි පුද්ගලයෙකු එහි කොටසක් උගුරේ සිරවීම හේතුවෙන් මරණයට පත්වී ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවෙකු වන්නේ පිටිපන දකුණ, අතපත්තු ගොඩ පාරේ පදිංචිව සිටි 72 හැවිරිදි විශ්‍රාමික නගර රියදුරෙකු වූ දිසානායක මුදියන්සේලාගේ සුනිල් මහතාය.

වාර්තා අනුව, මියගිය පුද්ගලයා දීර්ඝකාලීන රෝගී තත්ත්වයකින් පසුවූ අතර, මෙය සිදුවූ දිනයේ උදෑසන ඔහුගේම ඉල්ලීමක් මත නිවසේ අය විසින් මාළු පාන් ගෙඩියක් ලබාදී ඇත.

අන්තර්ජාලයෙන් කාන්තා නිරුවත් චායාරුප අලෙවි කරන ජාවාරමක් - ශ්‍රී ලංකා පොලීසිය අනතුරු අගවයි

අන්තර්ජාලයෙන් කාන්තා නිරුවත් චායාරුප අලෙවි කරන ජාවාරමක් - ශ්‍රී ලංකා පොලීසිය අනතුරු අගවයි

එම ආහාරය අනුභව කරමින් සිටින අවස්ථාවේදී, ඔහු හදිසියේම අපහසුතාවයකට පත්වී කතා කිරීමට නොහැකිව ඇද වැටී තිබේ.

ඊට අනතුරුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවය මඟින් ආධාරය ලබාදීමට පැමිණි හෙද නිලධාරියකු විසින් ඔහු පරීක්ෂා කළ අවස්ථාවේ දී, ඒ වනවිටත් ඔහු මියගොස් තිබීම තහවුරු කළාය.

පසුව 119 හදිසි අංකය ඔස්සේ පොලීසියට දැනුම් දීමත් සමඟ නිලධාරීන් සිදුවීමේ ස්ථානයට පැමිණ ඇත.

හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහල වෙත යොමු කරන ලදී.

එහිදී අධිකරණ වෛද්‍ය වෛද්‍ය කුසල් දයාසිරි මහතා විසින් සිදුකළ පරීක්ෂණයේදී හෙළිවූයේ, මාළු පාන් කැබැල්ලක් පෙනහළුවලට පිවිසීම හේතුවෙන් ශ්වසන තත්ත්වය බිඳවැටී මරණයට හේතු වී ඇති බවය.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව මරණ පරීක්ෂකවරයාද එම නිගමනය තහවුරු කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට ඝන ආහාර ලබාදීමේදී ඉතාමත් අවධානයෙන් හා සැලකිලිමත් ලෙස ක්‍රියා කළ යුතු බවත්, එසේ නොවීම අවාසනාවන්ත අකාල මරණ සඳහා හේතු විය හැකි බවත්ය.

ReeCha