‘මිදිගම ලසා’ගේ ඝාතනයට ‘මිදිගම රුවන්’ ගැන විමර්ශන ඇරැඹේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මිදිගම රුවන් නමැත්තා පිළිබඳව පොලිසිය විමර්ශන මේ වන විට ආරම්භ කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැත්තා තමන් ඝාතනය කිරීමට සුදානමින් සිටින බව ලසන්ත වික්‍රමසේකර මරාදැමීමට පෙර පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබූ බව වාර්තා වේ.
පොලිසිය සදහන් කරන්නේ මිදිගම රුවන්ගේ ගෝලයන් දෙදෙනකු අවි ආයුධත් සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට සැකයක් ඔහුට මතුවීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇති බවයි.
නමුත් මේ වනතුරුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.