දුම්රියක ගමන් කරමින් සිටි කාන්තාවක් ගිනිතබා ඝාතනය කරයි.

By Aruna Dec 23, 2024 03:37 AM GMT
Report

අමෙරිකාවේ නිව් යොර්ක් නගරයේ බෘක්ලින්හි උමං දුම්රියක් තුළදී ගිනි තබා කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

ඇගේ මරණයට් සැකපිට නිව්යෝර්ක්හිදී සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ප්‍රධාන මෝල් හිමියන් හාල් හිඟවීමට කරන වැඩක් ගැන ප්‍රකාශයක්..

ප්‍රධාන මෝල් හිමියන් හාල් හිඟවීමට කරන වැඩක් ගැන ප්‍රකාශයක්..


සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින්, පොලිස් කොමසාරිස් පවසා ඇත්තේ මෙය “එක් පුද්ගලයෙකුට තවත් මිනිසෙකුට එරෙහිව කළ හැකි වඩාත්ම දූෂිත අපරාධවලින් එකක්” ලෙසයි.

මරණයට පත් කාන්තාව බෘක්ලින් වෙත යන දුම්රියක ගමන් කරමින් සිටියදී ඇගේ ඇඳුම්වලට ලයිටරයක් ​​ආධාරයෙන් මෙලෙස ගිනි තබා තිබෙනවා.

දිවයින පුරා කාලගුණයේ වෙනසක්..අද සිට වෙනදේ ගැන දැනුම්දීමක්..

දිවයින පුරා කාලගුණයේ වෙනසක්..අද සිට වෙනදේ ගැන දැනුම්දීමක්..


ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, සැකකරු වෙනත් උමං දුම්රියක සිටියදී අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මියගිය කාන්තාව හා ප්‍රහාරකයා අතර ප්‍රහාරයට පෙර කිසිදු අන්තර් ක්‍රියාකාරිත්වයක් තිබී නැති නිසා දෙදෙනා එකිනෙකා හඳුනන බව ඔවුන් විශ්වාස නොකරන බවයි පොලීසිය පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, වින්දිතයා සහ ප්‍රහාරයට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

You May Like This Video