දිවයින පුරා කාලගුණයේ වෙනසක්..අද සිට වෙනදේ ගැන දැනුම්දීමක්..

Report

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුරදිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

සියලුම ලග්න වල අය අද තමන්ගෙ ලග්නෙ ගැන අනිවාර්යෙන් දැනගන්න..ලග්න 12ට වෙන දේ මෙන්න.(VIDEO)

සියලුම ලග්න වල අය අද තමන්ගෙ ලග්නෙ ගැන අනිවාර්යෙන් දැනගන්න..ලග්න 12ට වෙන දේ මෙන්න.(VIDEO)


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර, ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුර සිට වයඹ දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

සහල් පාලන මිල 280 ට නගී.. පාරිභෝගිකයන්ට ඇඟ හිරි වැටෙන ආරංචියක්..

සහල් පාලන මිල 280 ට නගී.. පාරිභෝගිකයන්ට ඇඟ හිරි වැටෙන ආරංචියක්..


බේරුවල සිට ගාල්ල හරහා මාතර පොතුවිල් දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.

බේරුවල සිට ගාල්ල හරහා මාතර පොතුවිල් දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

You May Like This Video