නිවසක තනිව සිටි කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කරයි..

By Piyumika Nov 21, 2024 05:42 PM GMT
Report

කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අද (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

කිරුළපන කාලිංග මාවතේ පිහිටි නිවාස සංකීර්ණය තුළයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ.

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවක්.ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා දියණිය සහ මිනිබිරිය සමඟ පදිංචි වී සිට තිබේ.

අදාළ නිවසේ තිබූ පවුම් 8ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති බවයි කිරුලපන පොලිසිය පවසන්නේ.

දුම්මල ගහලවත් යන්නේ නැති මාදිවෙල ඇත්තන්ට ලිඛිත නිවේදනයක්..

දුම්මල ගහලවත් යන්නේ නැති මාදිවෙල ඇත්තන්ට ලිඛිත නිවේදනයක්..

මේ අතර අද (21) උදේ 6.30ට පමණ දියණිය මිනිබිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

මෙදින පෙරවරුවේ ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.