දුම්මල ගහලවත් යන්නේ නැති මාදිවෙල ඇත්තන්ට ලිඛිත නිවේදනයක්..

Parliament of Sri Lanka Sri Lanka
By Piyumika Nov 21, 2024 04:51 PM GMT
Piyumika

Piyumika

Report

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් අද (21)ට පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාසවල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එම නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ අතර වාර්තා වන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් 80ක් පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් ඇති බවයි.

සුන්දර කොන්ඩයකට කියලා ඔයත් ගිහින් ගත්තද..ප්‍රවේසමෙන්..

සුන්දර කොන්ඩයකට කියලා ඔයත් ගිහින් ගත්තද..ප්‍රවේසමෙන්..

09 වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසවල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු ඉකුත් (14) වැනිදා තෙක් පමණයි.

මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් තව දුරටත් එම නිවාස සංකීර්ණයේ රැඳී සිටීමට හැකියාව ඇති බවයි පාර්ලිමේන්තු බලධා‍රීන් පෙන්වා දෙන්නේ.

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුව හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වල අනුපිළිවෙල මත මෙම නිවාස ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පවසන්නේ.

ReeCha