මහ බැංකුවෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (10) දින පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව සඳහන්.
ඒ අනුව මෙය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුනා.
එසේම මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.
එහිදී වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.
මේ අතර මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දී ඇති බව වාර්තා වේ.
ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්





